වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම

ආදායම් බලපත්‍රය නිකුත් කිරීම

මෝටර් සයිකල් සහ ත්‍රී වීල් හැර අනෙකුත් සියලුම වාහන සඳහා පළමු බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පළාත් ප්‍රවාහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය විසිනි.

නමුත් කොළඹ සහ තිඹිරිගස්යාය යන කොට්ඨාශ වල මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ සඳහා වන පළමු බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙනි.

ලියාපදිංචි කළ දින සිට අවුරුද්දක් සඳහා ආදායම් බලපත්‍රය නිකුත් කෙරේ

දෙවන බලපත්‍රයේ සිට ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර අළුත් කිරීම ආරම්භ වේ.( කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශිකය හැර)

ප්‍රධාන කාර්යාලයට අමතරව බස්නාහිර පළාතේ ලියාපදිංචි ඕනෑම වාහනයක් සඳහා ආදායම් බලපත්‍ර කඩුවෙල, කටාන, පානදුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගත හැක.

ආදායම් බලපත්‍ර යක් ලබා ගැනීම සදහා අවශ්‍යය ලේඛන.

  1. වාහන ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත / ලිසිං සමාගම මගින් සහතික කරන ලද පිටපත/ වාහන හිමිකම් පැවරීම සදහා අයදුම් පත්‍ර භාර දී ලියාපදිංචි සහතිකය ලැබී නොමැති නම් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද MTA- 11 හා CMT- 52 හි ඡායා පිටපතක්ද සමග ඉදිරිපත් කල යුතුය.
  2. පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය.
  3. වලංගු රක්ෂණ සහතික.
  4. වෙළද වාහන සදහා යෝග්‍යතා සහතික.(බස්නාහිර පළාත තුල ලියාපදිංචි ගරාජයකින් හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ශ්‍රී ලංගම ඩිපෝවකින් සහතික කරන ලද)
  5. ඔමිනි බස්රථ සදහා මගී සේවා අවසර පත්‍රය(අවම වශයෙන් දින 14 වලංගු මාර්ග බලපත්‍රය ඡායා පිටපත සමග)
  6. නිකුත් කල දින සිට දින 60 ක් නොයික්ම වු වායු විමෝචන සහතිකය ( දුම් සහතිකය )
  7. ලියාපදිංචි කරන ලද පළමු වසර තුල දුම් සහතිකය නිදහස් කරනු ලබන ( Brand New ) වාහන , 1975 ට පෙර ලියාපදිංචි කරන ලද වාහන, දෙමුහුන් ලෙස සදහන් ( Hybrid) හා ඉලෙක්ට්‍රික් ( Electric) ලෙස සදහන් මුත් පද්ධතියේ නොපෙන්වන අවස්ථා වලදි ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

වෙළද වාහන

  • මෝටර් ලොරි
  • ප්‍රයිවට් කෝච්
  • ඔමිනි බස්
  • මෝටර් ට්‍රයිසිකල් වෑන්
  • ගිලන් රථ
  • අවමංගල රථ

දඩ මුදල්

බලපත්‍ර වර්ෂය එම මෝටර් රථය ලියාපදිංචි කළ දිනයේ සිට සහ මාසයේ සිට ආරම්භ වන හෙයින්, බලපත්‍ර ගාස්තු ගෙවීමට නියමිත දිනය යන්නෙන් බලපත්‍රය ඉල්ලුම් කරන වර්ෂය සඳහා අදාළ මාසයේ අදාළ දිනයේ වැඩ කරන දින තුනක් අදාළ වේ.

  1. බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය ඉක්මවා මාස 6ක් නොඉක්මවා ඇති වි‍ටෙක ගාස්තුවෙන් 10% 
  2. අළුතින්ම ලියාපදිංචි කරන වාහනයක් සදහා ලියාපදිංචි දින සිට දින 7 ඇතුලත බලපත්‍ර   ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවු විට ගාස්තුවෙන් 10% 
  3. බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා  ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති අවස්ථවක වාර්ෂික ගාස්තුවෙන් 20%
  4. බලපත්‍ර ගාස්තු, ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12 ක් ඉක්මවා ඇති අවස්ථාවක වාර්ෂික ගාස්තුවෙන් 30%

සාමාන්‍ය වාහන ආදායම් බලපත්‍ර නිකුතුවට අමතරව පහත සදහන් අවස්ථාවන් හීද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන අතර මෙහිදි වාහනයේ ස්වාභාවය අනුව ඉහත පරිදි වායු විමෝචන සහතිකය, රක්ෂණ සහතිකය හා යෝග්‍යතා සහතිකය ඉදිරිපත් කල යුතුය.

  • වාහනයේ වායු විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය ලබා ගැනීමට අපහසු අවස්ථා වලදී තාවකාලික ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබයි. ඒ සදහා අනුමත ගරාජයක් මගින් ඉදිරිපත් කරන ලද ලිඛිත ඉල්ලීමක් හෝ වාහන අංකය සහිත බිල්පත් හා ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත සමග ඡයා පිටපතක් ඉදිරීපත් කල යුතුය.
  • අස්ථානගත වු / හානි වු වාහනයේ හිමිකාරීත්වය වෙනස් වන අවස්ථාවකදී , වාහනයේ හිමිකාරීත්වය තමන් සතු වේ නම්, නැවත ආදායම් බලපත්‍රය ලබා ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක්, වලංගු හැදුනුම්පතක ඡයා පිටපතක් සමග වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්ද ඉදිරිපත් කර කාලානුරූපව ගෙවීම් සිදුකර නැවත නිකුත් කිරීමක් ලබා ගත හැක.
  • වාහනයේ හිමිකාරීත්වය තමන් සතු නොවන අවස්ථාවකදී ආදායම් බලපත්‍රය නැතිවීම සම්බන්ධව වාහන අංකය සහිත පොලිස් පැමිණිල්ලක මුල් පිටපත , අදාල පොලිස් පැමිණිල්ල සිදුකරන ලද පුද්ගලයාගේ වලංගු හැදුනුම්පතක ඡයා පිටපතක් , වාහනයේ ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්ද ඉදිරිපත් කර කාලානුරූපව ගෙවීම් කල යුතුය. ආදායම් බලපත්‍රයක් නැවත ලබා ගැනීම සදහා වායු විමෝචන සහතිකයක් යෝග්‍යතා සහතිකයක් අලුතින් ලබා ගැනීමට අවශ්‍ය නොවේ.
  • පිටපළාත් වලින් බස්නාහිර පළාතට පවරන ලද වාහන සදහා ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත සමග ඡායා පිටපතක්, අවසන් වරට ලබාගත් ආදායම් බලපත්‍රය හෝ අවසාන බලපත්‍රය නිකුත් කරන ලද ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද නොබැදි පතක් ( Loos Slip) ඉදිරිපත් කල යුතුය.
  • .තාවකාලිකව ධාවනයෙන් බැහැර කරන ලද වාහන සදහා ආදායම් බලපත්‍රය වෙනුවට ඉදිරි වසර 2 ක් සදහා පාවිච්චි නොකිරීමේ නිවේදනය ලබා ගත හැක. ඒ සදහා පාවිච්චි නොකිරීමේ නිවේදනය ( MTS(WP-8)) අයදුම් පත නිසි පරිදි සම්පුර්ණ කර ලියාපදිංචි සහතිකයේ පිටපතක්ද සමග ඉදිරිපත් කල යුතු අතර වලංගු ආදායම් බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර පා:නො නිවේදනය ලබා ගත යුතුය.

විමසීම් - බලපත්‍ර අංශය

             කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

            0112 561 021

 

දැව ප්‍රවාහන බලපත්‍ර

දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පත මෙතැනින් බාගත කරගන්න => https://drive.google.com/uc?id=1_g2--Z7-ef7kwhodqJGXmw2QSTUnj2Lh&export=download

ගස් කැපීමේ බලපත්‍ර

ගස් කැපීමේ බලපත්‍ර අයදුම්පත මෙතැනින් බාගත කරගන්න => https://drive.google.com/uc?id=1pAh5pptAm5mcECmY9dreF8JlxPsfAqTE&export=download

සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර

සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පත මෙතැනින් බාගත කරගන්න => https://drive.google.com/uc?id=1thfo745Hx5IQQP8UHjpM31jyV-InoxGc&export=download

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අයදුම්පත මෙතැනින් බාගත කරගන්න => https://drive.google.com/uc?id=1fsKHlbX-hDWbMjvJw84mOjjDIXDRO5lv&export=download

ව්‍යාපාර වසා දැමීමට අවශ්‍ය බලපත්‍ර

මත්පැන් බලපත්‍ර (නව නිකුත් කිරීම් / අලුත් කිරීම්)

උකස් කිරීමේ බලපත්‍ර (නව නිකුත් කිරීම් / අලුත් කිරීම්)

පතල් බලපත්‍ර(නව ගැටළු / අලුත් කිරීම්)

වෙඩි බෙහෙත් අවසර බලපත්‍ර

News & Events

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

02
ඔක්2023
Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources Venue : Motor...

Scroll To Top