LICENSE_S
EBMD S
EROC S
BNR S

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත්

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

« »
 
 
✅  ජාතික හැඳුනුම්පත් අංශයේ දුරකතන අංකය
 
☎️ 011-5226126
☎️ 011-5226100
 

සැලකිය යුතු කරුණු

✅ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අදාල අයඳුම්පත හා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවස්ථානුකූලව පහත නිලධාරීන් අතුරින් එක් අයෙකු වෙත යා යුතුය.
✔️ අයඳුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
✔️ පාසැල් අයඳුම්කරුවන් අදාල පාසැල් විදුහල්පතිවරයා (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා)
තමා ලබාගත් අයඳුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමඟ ඉහත නිලධාරියකු වෙත භාර දිය යුතුය.
 
✅ හැඳුනුම්පතක් සඳහා එක් වරක් අයඳුම් කර හැඳුනුම්පත ප්‍රමාද වුවහොත් නැවත අයඳුම් නොකළ යුතුය. යැවූ අයඳුම්පතේ අඩුපාඩු විමසා සම්පූර්ණ කළ යුතුය.
 
✅ හැඳුනුම්පත නැතිවූ වහාම ඒ බව ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතුය.
 
✅ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසු මාස හයක් ඇතුළත ජාතික හැඳුනුම්පත් අලුත්  කර ගත යුතුය.
 
✅ හැඳුනුම්පතක් දරන්නකු මිය ගිය විට එම හැඳුනුම්පත භාරව සිටින තැනැත්තා විසින් මරණයට අදාල කටයුතු අවසන් වීමෙන් අනතුරුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාලය වෙත එම හැඳුනුම්පත භාරදිය යුතුය.
 

මුල් වරට හැඳුනුමපතක් ලබා ගැනීම

✅ ලංකාවේ පදිංචි පුරවැසියකු විය යුතුය.
✅ වයස අවුරුදු 15 සම්පූර්ණ විය යුතුය.
 
▪️▪️▪️ *අවශ්‍ය ලිපි ලේඛන* ▪▪️▪️
 
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
▪️අයඳුම්පත බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.
✔️ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකයේ මුල් පිටපත
▪️ අයඳුම්කරු වයස අවු.50ට අඩුනම් අනිවාර්යෙන්ම උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය.
▪️ අනුමාන වයස් සහතිකයේ උපන්දිනය ලෙස සලකනු ලබන්නේ එහි සඳහන් වර්ෂයේ ජූලි 01 දිනයි.
✔️ අයඳුම්කරුගේ වයස අවු.50ට වැඩි නම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා උපන් දිනය සනාථ කරන දිවුරුම් ප්‍රකාශයක් සමඟ පහත ලේඛන හැකි ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුය.
▪️පාසල් හැරයාමේ සහතිකය.
▪️බෞතිස්ම සහතිකය.
▪️අයඳුම්කරුවන්ගේ උපන්දිනය සටහන්ව ඇති, දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්.
▪️උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස.
▪️ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය සඳහන්ව තිබේනම්)
▪️ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
▪️හඳහන.
✔️ බෞද්ධ භික්ෂූන් වහන්සේලා,සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඉදිරිපත් කළ යුතු අතර අන්‍යාගමික පූජකයින්ද පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා අවශ්‍ය සහතික ඉදිරිපත් කළ යුතුය. උපැවිදි වී ඇත්නම්, උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
✔️ අයඳුම්කරු විවාහක කාන්තාවක් නම්, ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
✔️ විදේශයක උපත ලද්දකු නම් ලංකාවේ පුරවැසි බව ලබාගත් සහතිකය සහ ඡායා පිටපත.
✔️ අනුමත ඡායාරූප ශාලාවකින් ඡායාරූප ගැනීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපය තහවුරු කරන ලිපිය.
 
✅  *ගාස්තුව -*  රු.100.00ක මුදල
 
(අයඳුම්කරු අවු.16 ඉක්මවා ඇති තැනැත්තෙකු නම්, වයස අවු.15 සම්පූර්ණ වීමේදී හැඳුනුම්පත ලබා නොගැනීම වරදක් ලෙස සලකා එම වරද සමථයකට පත් කිරීම වෙනුවෙන් රු.250ක දඩ මුදලක් ගෙවිය යුතුය. එය පු.ලි.දෙ.මෙ 02/03 ආකෘතිය සමඟ ගෙවිය යුතුය.)
 

පළුදු වූ හෝ හැඳුනුම්පතක අන්තර්ගත කරුණු සංශෝධනය

✅ මුල් වරට ලබාගත් හැඳුනුම්පතේ ඡායාරූපයට වඩා පුද්ගලයාගේ වර්තමාන ස්වරූපය වෙනස්වීම.
✅ නම වෙනස් කර ගැනීමට අවශ්‍ය වීම.
✅ පදිංචිය වෙනස් වීම නිසා ලිපිනය වෙනස් කිරීම.
✅ මුල් හැඳුනුම්පතේ සටහන් අපැහැදිලි වීම.
✅ විවිධ හේතූන් නිසා හැඳුනුමපත පළුදු වීම.
✅ 1972 හා 1973 වර්ෂවල නිකුත් කළ හැඳුනුම්පත් වෙනුවෙන් නව හැඳුනුම්පත් නිකුත් කිරීම.(1990 නොවැම්බර් 20 දිනැති අංක 637/6 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම වර්ෂවල නිකුත් කළ හැඳුනුම්පත් අවලංගු කර ඇත.)
 
▪️▪️▪️ *අවශ්‍ය ලිපි ලේඛන* ▪️▪️▪️
 
✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
▪️අයඳුම්පත බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.
✔️ දැනට බාවිතා කරන හැඳුනුම්පත.
✔️ දැනට බාවිතා කරන හැඳුනුම්පතේ අංකය අපැහැදිලි නම්, එම අංකය බාවිතා කළ බවට සනාථ වන ලියකියවිලි (රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, බැංකු පොත)
✔️ දැනට බාවිතා කරන හැඳුනුම්පතෙහි නම, උපන්දිනය හෝ අදාල විස්තර වෙනස්නම් හෝ අපැහැදිලි නම්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ විකල්ප ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
✔️ උප්පැන්න සහතිකයේ නොමැති නමක් හැඳුනුම්පතට ලබා නොදෙන අතර එවැනි අවස්ථාවලදී උප්පැන්න සහතිකය සංශෝධනය (13 වන තීරුව) කළ යුතුය. අයඳුම්කරු අවු.50 ඉක්මවූ අයෙකුනම්, දෙපාර්තමේන්තු වාර්තා වල උප්පැන්න සහතිකයේ නොමැති නමක් සඳහන්ව ඇත්නම් උප්පැන්න සහතිකය සංශෝධනයකින් තොරව එම නම හැඳුනුම්පතට ඇතුලත් කළ හැකිය.
✔️අනුමත ඡායාරූප ශාලාවකින් ඡායාරූප ගැනීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපය තහවුරු කරන ලිපිය.
 
✅  *ගාස්තුව -*  රු.250.00ක මුදල
 

නැතිවීම හේතුවෙන් හැඳුනුම්පතේ පිටපතක් ලබා ගැනීම

✔️ සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
▪️අයඳුම්පත බාගත කර ගැනීමට පහත සබැඳියට පිවිසෙන්න.
✔️ හැඳුනුම්පත නැතිවූ බවට පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත (මාස 01ක් නොඉක්මවූ)
✔️ උප්පැන්න සහතිකය හෝ විකල්ප ලේඛන
✔️ නැතිවූ හැඳුනුම්පතේ අංකය බාවිතා කළ බවට සනාථ කෙරෙන ලේඛන (නැතිවූ හැඳුනුම්පතේ ඡායා පිටපත හැර අංකය සඳහන් ලේඛනයක්)
▪️අංකය සනාථ කිරීමට ලේඛන කිසිවක් නොමැති නම්, මීට පෙර හැඳුනුම්පතක් ලබාගත් බවට ප්‍රකාශය සමඟ ග්‍රාම නිලධාරී විසින් තහවුරුවක් ලබා ගත යුතුය.
▪️අංකය ලබාදෙන මූලික ක්‍රමවේදය වන්නේ උපන්දිනය පදනම් කරගෙන වන බැවින් උපන් දිනයේ යම් වෙනස්කමක් ඇත්නම් නව අංකයක් යටතේ හැඳුනුම්පත නිකුත් කරන අතර එසේ අංකය වෙනස් වුවහොත් නව අංකයක් ලබා දුන් බවට ලිපියක් දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ඇත.
✔️ ඉහත අවස්ථා තුනෙහිදීම සාමාන්‍ය සේවාව යටතේ අයඳුම්පත දෙපාර්තමේන්තුව වෙත යැවීමට භාර දෙන්නේ නම්, පවතින මුද්දර ගාස්තුව ඇලවූ, ලිපිනය නොලියන ලද ලියුම් කවරයක් සමඟ අයඳුම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.
✔️ සකස්කළ හැඳුනුම්පතක යම් දෝෂයක් ඇත්නම් මාස 01ක් තුළ හැඳුනුම්පත සමඟ නිවැරදි විය යුතු ආකාරය ඉල්ලීමක් සමඟ හැඳුනුම්පත දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් නිවැරදි කර ගත හැකි අතර මාස 03 ඉකුත්වී ඇත්නම්, නැවත සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුවේ.
▪️නමුත් එම දෝෂය අයඳුම්පත සම්පූර්ණ කිරීමේදී සිදුවූ දෝෂයක්නම්, එවැනි අවස්ථාවලදීද නැවත සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුවේ.
 
✅ *ගාස්තුව -*  රු.500.00 ගෙවූ රිසිට්පත.
 

එක්දින සේවාව

▪️ *මෙහිදී ඉහත පරිදි සම්පූර්ණ කරන ලද අයඳුම්පත ප්‍රාදේශීය ලේකම් මඟින් අනු අත්සන් කිරීමෙන් පසු දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන අදාල පුද්ගලයාම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යා යුතු අතර රු.1000.00ක මුදලක්ද ගෙවිය යුතුය.*
 
▪️එක් දින සේවාවට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ලබා ගැනීමට සති 02කට පෙර දෙපාර්තමේන්තු දත්ත පද්ධතියට ඇතුලත් කරන ලද අයඳුම්පත් ද දෙපාර්තමේන්තුවේ විමසීම් කවුළුවෙන් විමසා එක් දින සේවා ගාස්තු ගෙවීමෙන් තොරව එක් දිනක් තුළ ලබා ගත හැකිය. ඒ සඳහා අයඳුම්පත භාර ගැනීමෙන් පසු ඔබ වෙත ලබා දී ඇති *QR CORD* ඇලවූ අයඳුම්පතෙහි අයඳුම්කරු සඳහා ඇති කොටස රැගෙන යාම ප්‍රමාණවත් වේ.
 
▪️ *සැලකිය යුතුයි* ▪️
✅ නැතිවූ හැඳුනුම්පතක් වෙනුවෙන් ඉදිරිපත් කරන අයඳුම්පත් සහ වයස අවු.20ට වැඩි මුල් වරට හැඳුනුම්පත ලබා ගන්නා අයඳුම්කරුවන්ගේ හැඳුනුම්පත් සකස් කිරීමේදී එක් දිනක් තුළ හැඳුනුම්පත ලබා ගැනීමේ නොහැකියාවක් පැවතිය හැකිය.
✅ එක් දින සේවාව සඳහා අයඳුම්කරු පැමිණීම අනිවාර්ය අතර එසේ නොවන අවස්ථාවලදී හැඳුනුම්පත එක් දින සේවාවෙන් නිකුත් කර එදිනම තැපෑලට යොමු කරනු ලබයි.

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන - 2019 (කොළඹ දිස්ත්‍රික්කය)

 

 GN Division

Project Name

Allocation (Rs.)
රණාල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත සංවර්ධනය කිරීම (පළල අඩි 12, දිග අඩි 300) 500,000.00
  දෙල්ගහවත්ත, හරස් පාර සංවර්ධනය කිරීම(පළල අඩි 12, දිග අඩි 350) 500,000.00
  උදුගොඩ හරස් පාර සංවර්ධනය කිරීම (පළල අඩි 10, දිග අඩි 200) 500,000.00
  රණාල ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක පැති බැම්ම ඉදිකිරීම 1,000,000.00
  මහින්ද පිරිවෙන ප්‍රතිසංස්කරණය 900,000.00
  18, සුදවිල, රණාල ධර්මසිරි රාජපක්ෂ මහතාගේ නිවසේ වහල සකස් කිරීම 300,000.00
     
නවගමුව නවගමුව ගැමුණුපුර හරස් පාරේ අවසන් අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම 700,000.00
  නවගමුව උදුගොඩ මාර්ගයේ නො. 573/3/ඒ නිවසට යන අතරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම 500,000.00
  නවගමුව රෝහල පාරේ 1වන පටුමග අතුරු මාර්ග 2ක සුදුසු පරිදි සංවර්ධනය කිරීම 800,000.00
  නවගමුව පිලිප් තිලකවර්ධන විද්‍යාලයේ ක්‍රිඩාපිටියේ සංවර්ධන කටයුතු සඳහා 500,000.00
  නවගමුව ස්වර්ණභූමි මාවත ඉතිරි ෙකාටස සදහා පානීය ජලය ලබා දීම. 200,000.00
  නො.71/සී, රෝහල පාර, නවගමුව, රණාල.එම්.කේ.සුනේත්‍රා ( විදුලිය ලබා දීම) 30,000.00
  ආර්. ගයානි ඉරෝෂා ප්‍රියදර්ශනී 516ඒ, පැපිලියාන පාර නවගමුව රණාල.( විදුලිය ලබා දීම) 30,000.00
  එච්. ඩී. සේපාලි සමන්තිකා නො. 22 රෝහල පාර, නවගමුව ( විදුලිය ලබා දීම) 30,000.00
  ඩී. ඒ. කුසුමාවති නො. 128/2, රෝහල පාර, නවගමුව, රණාල. ( විදුලිය ලබා දීම) 30,000.00
  නවගමුව ශාන්ත ආනා දෙව්මැදුර සංවර්ධන කටයුතු සදහා  500,000.00
  තිලිණි හන්සන්තිකා - නො.330/බී, සමූපකාර මාවත නවගමුව දකුණ රණාල ( වහල සකස් කිරීම)   300,000.00
  කුශානි ෙලාකුපිටිය,21 ෙරා්හල පාර, නවගමුව රණාල ( වහල සකස් කිරීම) 300,000.00
     
නවගමුව දකුණ නවගමුව දකුණ සමූපකාර මාවත නන්ද කරුණාජීව මහතාගේ නිවසට යන පාර කොන්ක්‍රීට් කිරීම 1,000,000.00
  නවගමුව දකුණ සමුපකාර මාවතේ අංක 332/ඒ, විමලාවතී රුද්‍රගු යන අයගේ නිවස අසල අතුරු මාර්ගය සංවර්ධනය කිරීම  1,000,000.00
  නවගමුව දකුණ සමුපකාර මාවතේ අංක 332/2, නිවස අසල අතුරු මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම 500,000.00
  නවගමුව දකුණ ශ්‍රී සුමනතිස්ස මාවත ලයනල් සේනාධීර මහතාගේ නිවස අසල සුදුසු පරිදි සංවර්ධනය කිරීම 350,000.00
  නවගමුව දකුණ එපිටවත්ත ඉතිරි කොටසට පානීය ජලය ලබා දීම. 150,000.00
  නවගමුව දකුණ මෛත්‍රී බෝධි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම 670,000.00
     
ඉහල බෝමිරිය කෑරගල මාවත සංවර්ධනය කිරීම  1,000,000.00
  ජෝන් කීල්ස්  නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රජාශාලාව අසල මාර්ගය සඳහා ජලය ලබා දීම.  647,054.21
  ඩබ්. ඩී කමලාවතී නො. 167/5ඒ, ඉහළ බෝමිරිය, කඩුවෙල ( විදුලිය ලබා දීම)  30,000.00
     
වෑකේවත්ත ඉහළ බෝමිරිය ප්‍රධාන පාරේ සිට අශෝකාරාම පාර දක්වා ඇති කොටස ප්‍රතිසංස්කරණය කිරිම. 500,000.00
  කිංස්ලි ක්‍රීඩාංගන පාරේ නො.268/5, දමිත් බුලත්සිංහල මහතාගේ නිවසේ සිට නො.268/3, ඒ.සුමිත් දම්මික ප්‍රියදර්ශන නිවස දක්වා ජලනල එලීම 250,000.00
  නො.297/3,ලාල් විජේසේකර මහතාගේ නිවස අසල සිට නො.291/8/ඒ, එම් ජෝතිපාල මහතාගේ නිවස දක්වා අශෝකාරාම පාර ජල නල එලීම 542,945.79
  දිලිප් නිරෝෂාන් මල්ලිකාරච්චි - නො.364/16, ඉහළ බෝමිරිය කඩුවෙල ( විදුලිය ලබා දීම) 30,000.00
  වයි.ඩබ් ජයන්ත කුමාර - එගොඩ උයන පාර ඉහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 300,000.00
  චන්ද්‍රිකා දිමුතු - නො.273/බී/2, අශෝකාරාම පාර ඉහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 300,000.00
  කේ.හේමවතී - නො.220/17,පත්තිනිමාතාගම, ඉහළ බෝමිරිය, කඩුවෙල ( වහල සකස් කිරීම) 300,000.00
  නවගමුවේ සිට ගගබඩ පාර රාක්ෂපාණ පාරේ හල්වැටිය හංදිය දක්වා කොන්ක්‍රීට් කිරීම  2,000,000.00
     
පහල බෝමිරිය ඒ එල්.පී.ජී. ආයතනය ඉදිරිපිට ඇති ගල්පොත්ත මාර්ගය සංවර්ධනය කිරීම 1,500,000.00
  ඩඩ්ලි ගුණසේකර මාවත අඩි 03 ක් පළල් කර සංවර්ධනය කිරීම 1,700,000.00
  පහළ බෝමිරිය දහම් පාසල් මාවත, සුහද මාවත අංක 190/4, දයානන්ද ගුණෙස්කර මහතාගේ නිවස තෙක් සුදුසු පරිදි සංවර්ධනය කිරිම. 1,000,000.00
  පහළ බෝමිරිය අභිනවාරාම විහාරය සදහා සුර්ය බල ශක්තිය ලබා දීම 500,000.00
  බී.කේ. පුෂ්පා කාන්ති - නො.46/2, ලැනරෝල් මාවත පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 300,000.00 
  ඒ.ලසන්ත රුද්‍රිගු - නො.273, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම)  150,000.00
  එච්.එන් .සරත් විජයානන්ද - නො.240/4, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 150,000.00
  පී.ඩී දීපා සුදර්ශනී - නො.224, පහළ බෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 150,000.00
  එස්.පී.ඩී දමයන්ති 267/ඒ/3 පහලබෝමිරිය කඩුවෙල ( වහල සකස් කිරීම) 290,000.00
     
පහළ බෝමිරිය බී පහළ බෝමිරිය අරඹවතුගොඩ අංක 273, ඒ ලසන්ති රුද්‍රගු මහතාගේ නිවස අසල සිට ඉන්ටලොග් ගල් ඇල්ලීම 300,000.00
  නො.285/ඒ, ධම්මින්ද පුෂ්පකුමාර නිවස අසල සිට ප්‍රධාන පාර ඉතිරි කොටස තාර හෝ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම  500,000.00
  පහළ බෝමිරිය යූ.ඕ පෙරේරා මාවත නො.225/7 බී, නිවස අසලින් ඇති කාණු පද්ධතිය දියුණු කිරීම 300,000.00
  පහළ බොමිරිය සුභ සාධක මාවත නො.275/සී/1, ජේ.ඒ නිමල් ජයසිරි මහතාගේ නිවස අසලින් ඇති කාණු පද්ධතිය දියුණු කිරීම 300,000.00
  කේ .පියවතී - නො.272/ඒ1,පහළ බෝමිරිය කඩුවෙල ( විදුලිය ලබා දීම) 30,000.00
     
කොතලාවල  පට්ටියවත්ත පන්සල අතුරු මාර්ගයේ නො.230‍/2ඒ නිවස ආරම්භක ස්ථානයේ සිට 230/ජී දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම 1,000,000.00
  නො.220/බී/04 නිවස සිට නො.220/බී/1බී නිවස දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  1,000,000.00
  ගැමුණුපුර ආදාහනාගාර මාර්ගයේ නො.6/ටී/05 නිවසේ සිට නො.17/2 නිවස දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම 1,000,000.00
  සෙත්රුවන ශ්‍රී සෝම සුමනාරාමයේ ප්‍රාකාර බැම්ම ඉදිකිරීම  200,000.00
  ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ ධාතු මන්දිරය සංවර්ධනය කිරීම 150,000.00
  සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින විහාර මන්දිරය සංවර්ධනය කිරිම.  150,000.00
  කොතලාවල ඉසිරුපුර ශ්‍රී විමලාරාම විහාරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම.        1,000,000.00
     
කඩුවෙල සිල්වගේට් නිවාස යෝජනා ක්‍රමයේ බෝධියට යන පාර ඉන්ටලොක් ගල් අල්ලා සංවර්ධනය කිරීම 1,000,000.00
  සිද්ධ රංකඩුපත්තිනි දේවාලයේ පූජා භූමියෙහි ඉන්ටර්ලොක් අල්ලා සංවර්ධනය කිරීම. 500,000.00
  සංඛපිට්ටි විහාරයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම  250,000.00
  ඩිලාටර්ස් ඊස්ටන් චර්ච් පල්ලිය වැඩි දියුණු කිරීම 250,000.00
  ශ්‍රි ගගුල යෝගාශ්‍රමය චෛත්‍ය ඉදිකිරීම සදහා 500,000.00
     
හේවාගම අභිනවාරාමය අසල සිරි සාලාලංකාර මාවර ගල් අතුරා සංවර්ධනය කිරීම.  1,840,000.00
  එච්.එම්.අනෝජා ජයමාලි, නො.222/3ඒ, විහාර මාවත, හේවාගම ( විදුලිය ලබා දීම) 30,000.00
  කේ.එච්.එම්. දුලංජලී කැකිරිදෙනිය, 245/3බී, හේවාගම, කඩුවෙල ( විදුලිය ලබා දීම) 30,000.00
  අභිනවාරාමය ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම. 1,000,000.00
  ආර් රත්නසිරි අංක 207, ඥාණවිමල මාවත, හේවාගම ( වහල සකස් කිරීම)  231,500.00
  වජිර විදේහ, අංක 242/1, කැකිරිදෙණිය, හේවාගම ( වහල සකස් කිරීම) 2,000,000.00
     
රග්ගහත්ත රාමහැර පළමු පටුමග වම්පසට ඇති මාර්ගය ගල් අතුරා සංවර්ධනය කිරීම. 750,000.00
  බෘක්වත්ත 97/ඩී නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය 500,000.00
  විහාර මාවත අසල බෘක්වත්ත සම්බන්ධව යටින් දිවෙන මාර්ගය ගල් අතුරා සංවර්ධනය කිරීම 2,000,000.00
     
වැලිවිට වැලිවිට රෝහණ විලත්ගමුව මාවත නො.426/බී, චන්දන උපාලි මහතාගේ ඉඩම අසලින් යන ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම  500,000.00
  අවිස්සාවෙල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට නො. 62/සී/25 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම  1,800,000.00
  අරංගපොලවත්ත මාර්ගයේ කෙළවරේ සිට නො. 98/ඒ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම  200,000.00
  නො.337, නිවස අසල සිට නො.338/බී/7 නිවස දක්වා වැලිපිල්ලෑව මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම  500,000.00
  වැලිවිට සාන්ත මරියා විද්‍යාලයේ ගුරු මණ්ඩලය සදහා හා කාන්තා පිරිමි සිසුන් සදහා වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම  1,000,000.00
  විශාකා පෙර පාසලේ ලමා උද්‍යානය ඉදිකිරීම 100,000.00
  බී.ඩී.ජී.සමීර ජනංපේ - නො.347/12/බී/1 වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  නිරෝෂා පුෂ්පමාලි - නො.347/21/6/1, වැලිවිට ( විදුලිය ලබා දීම)  30,000.00
  ප්‍රේමසිරි ඉද්දමල්ගොඩ - නො.346/36/ඩී/1 වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  වැලිවිට සාන්ත මරියා දේවස්ථානයේ ගොමිදුලේ කොටසක් ඉන්ටලොග් ගල් අල්ලා සංවර්ධනය කිරීම 500,000.00
  ශාන්තමරියා දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරිම. 500,000.00
  ජනක සූරිය ආරච්චි - නො.277, වැලිවිට ( වහල සකස් කිරීම) 300,000.00
  බී.ඩී කමලාවතී නො.442/ඒ, වැලිවිට ( වහල සකස් කිරීම) 300,000.00
  M.A.D ෆසීඩා නො-46/2 වැලිවිට ( වහල සකස් කිරීම) 300,000.00
     
මහදෙණිය චන්ද්‍රිකා කුමාරතුංග මාර්ගයේ සිට හේනවත්ත දේවමාතා පිළිරුව අසල මංසන්දිය දක්වා ජුසේ මාවත තාර දමා සංවර්ධනය කිරීම  1,000,000.00
  පසන් උයන පලමු වන පටුමග මාර්ගය දෙපස ජලය බැස යෑම සදහා කාණූ පද්ධතිය සංවර්ධනය කිරීම 400,000.00
  ඒ.ඒ.කේ රුද්‍රගු - නො.263/සී/2, වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  බී.ඩී.සෝමවතී  - නො.443/2,වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  බී.ඩී ලීලාවතී  - නො.443/1, වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  ඒ.ඩී.නිරාන් මධුෂංක - නො.353 ඊ/1, වැලිවිට ( විදුලිය ලබා දීම) 30,000.00
  විජිතාරාම විහාරයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලේ වහලය පිළිසකර කිරිම සඳහා 400,000.00
  කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරටුවාහේන බෝධිරුක්ඛාරාමයේ ඉදිවෙමින් පවතින 60*80 දාන ශාලාව සංවර්ධන ය කිරීම 1,000,000.00
     
     
     
     
     
     
     
     
     
     
     
     
Scroll To Top