රජයට ඉඩම් අත්කර ගැනීම
01. 2 වගන්තියෙ දැන්වීම සම්බන්ධව සාධාරණ විරෝධතා පවතී නම් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
02. 4 වන වගන්තිය යටතේ විරෝධතා ඉදිරිපත් කිරීම දැන්වීමේ සඳහන් දිනයට පෙර අදාළ ඉල්ලුම්කාර අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිත විරෝධතාව ඉදිරිපත් කළ යුතුය.
03. 9 වන වගන්තිය යටතේ හිමිකම් පරීක්ෂණ සඳහා අවශ්‍ය ලියකියවිලි,
1. ජාතික හැඳුනුම්පත
2. දිවුරුම් ප්‍රකාශය
3. ඉඩමට අදාළ ඔප්පු හා පිඹුරුපත් (PLAN)
4. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් ඉඩමට අදාළ පත්ඉරුවල මුල් පිටපත
5. හිමිකම් වාර්තාව හා පෙළපත් සටහන (නීතිඥවරයෙකුගෙන් ලබා ගත යුතුය- මුල් පිටපත පමණි)
6. ජීවිත භුක්තිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්
7. වන්දි ඉල්ලීමේ ලිපිය-අහිමි වන ඉඩම්, දේපල හා ඒ මත සිදුවන අපහසුතා සම්බන්ධව
8. හිමිකරු වෙනුවට නියෝජිතයකු සහභාගී වන විට බලය පැවරීමේ ලිපිය
9. ඇටෝර්නි බලකරුවෙකු ඉදිරිපත් වන විට ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රය
10. බැංකු ණය සම්බන්ධ උකස්කර පවත්නා විට වන්දි ගෙවීම පිළිබඳ බැංකුවේ එකඟතා ලිපිය
11. බදුකරුවන් සිටින විට බදු ඔප්පු හා බදුකරුවන් පිළිබඳ විස්තර
12. ආදායම් අහිමි වීමට අදාළව ආදායම් බදු ගෙවීමේ ලේඛන
13. නඩු කටයුතු පවතින ඉඩම් වලට අදාළ පැමිණිල්ලේ පිටපත හා නඩුව අවසන් නම් නඩු තීන්දුව
14. කුඹුරු ඉඩම් සම්බන්ධව අඳ ගොවියන් පිළිබඳ ලේඛනය(ගොවිජන සේවා කාර්යාලයෙන් ලබා ගත යුතුය)
15. ගොඩ කරන ලද ඉඩමක් නම් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගේ සහතිකය
(ඉහත ලේඛන අංක 4 හා 5 හැර පිටපත් 02 ක් සහිතව ඉදිරිපත් කළ යුතුය)
04. වවුචර්පත් අත්සන් කිරීමට අවශ්‍ය ලියකියවිලි
1. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් 02ක්
2. බැංකු ගිණුමේ ඡායා පිටපත් 02ක්