-
Home
-
Procurements
- Service Cluster
සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කරන ආකාරය හා ඒ සඳහා සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛ
සමෘද්ධි සහනාධාර දීමනා පත්‍රිකා මාරු කිරීම
සමෘද්ධි සහනාධාර දීමනා පත්‍රිකා මාරු කිරීම සදහා අවශ්‍ය ලේඛන
සමෘද්ධි ප්‍රතිලාභියා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය.
සහනාධාර හිමිකම ලැබූ වසමේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචි හැරගිය බව දන්වන ලිපිය.
සහනාධාර හිමිකම ලැබූ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් නිකුත් කරන පදිංචිය හැරගිය බව දන්වන ලිපිය.
නව පදිංචිය සහිත වසමේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචි සහතිකය.
නව පදිංචිය සහිත වසමේ සමෘද්ධි සහනාධාරය ලබාදීම සුදුසු බව නිර්දේශ කරමින් නිකුත් කරන ලිපිය.
සමෘද්ධි සහනාධාරය හා බැදුණු ප්‍රතිලාභ හා අනෙකුත් වැදගත් තොරතුරු
ප්‍රතිලාභ
1. දරු උපතක දී රු 10,000/- ක දීමනාවක් හිමි වේ. (උපරිම අවස්ථා 03 ක දී) මීට අමතරව නිවුන් දරු උපතකදී, දරුවන් දෙදෙනෙකු සඳහා මසකට රු 5,000/- බැගින් හා තුන්දරු හා ඊට වැඩි උපතකදී මසකට රු 10,000/- වසරක කාලයක් සඳහා අමතර මුදල් ආධාර හිමිවේ.
2. පවුලේ සාමාජිකයකුගේ විවාහක දී රු 10,000/- ක දීමනාවක් හිමිවේ. (උපරිම අවස්ථා 02ක දී)
3. පවුලේ සාමාජිකයකුගේ රෝහල් ගත වීමකදී එම පවුලට වසරකට දින 30 ක උපරිමයකට
යටත්ව අවමය දින 05 ක් සඳහා දිනකට රු 350/- ක උපරිම රු 10,500/- දිමනාවක් හිමිවේ.
4. පවුලේ සාමාජිකයකුගේ මරණයක දි රු 20,000/- ක දීමනාවක් හිමිවේ.
5. ඔබගේ පවුලේ දරුවකු අ.පො.ස. (සා.පෙළ) සමත්ව අ.පො.ස. (උ.පෙළ) හැදෑරීමේදී මසකට රු 1,500/= බැගින් වසර 2 සඳහා සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රතිලාභ හිමි වේ.
(ඉහත 1, 2, 3, 4, 5 ට අදාළව කරුණු චක්‍ර ලේඛන උපදෙස් මත සංශෝධනය විය හැක)
6. ඔබ නිවාස ලොතරැයි ජයග්‍රාහකයකු වුවහොත් ඔබට රු.200,000/- ක මුදල් ත්‍යාගයක් නිවාස තනාගැනිම හෝ වැඩිදියුණු කරගැනීම සඳහා හිමිවේ.
තොරතුරු
01. සහනාධාර ලබන දිනයේ සිටම ශක්තිමත් ආර්ථික පදනමක් ඔබ පවුල තුළ ගොඩනඟා ගැනීමට කටයුතු කල යුතු වේ.
02. ඔබගේ පවුල් ඒකකය තුළ සිටින සියලුම සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.
03. ඔබ සමෘද්ධි වැඩසටහන තුළ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය යුතුය. (මේ අනුව කණ්ඩායම් රැස්වීම්, මාසික ප්‍රජා මූල රැස්වීම්, ඉතිරිකිරීම් ක්‍රියාවලියන්ට සක්‍රියව දායක විය යුතුය.)
04. ඔබ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා ඔබ සතුව පැහැදිලි පවුල් සංවර්ධන සැලැස්මක් තිබිය යුතුය.
05. ඔබ මෙම සහනාධාර ප්‍රදානය ලබාගැනීම පිණිස ඔබගේ ස්ථිර පදිංචි ලිපිනයට අයත් සමෘද්ධි බැංකුවේ සාමාජික ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කර බැංකු ක්‍රියාවලියට සම්බන්ධ විය යුතුය.
06. ඔබගේ පවුලේ සාමාජික සංඛ්‍යාව සංශෝධනය වුවහොත් සහනාධාර වටිනාකම ද සංශෝධනය වනු ඇත.
07. ඔබගේ පදිංචි ස්ථානය වෙනස් වන්නේ නම් ඒ බව වසම භාර සමෘද්ධි නිලධාරියා වෙත කඩිනමින් දැන්විය යුතුය. නොඑසේ නම් සහනාධාරය ඉවත් විය හැක.
සමාජ ආරක්ෂක අරමුදල සදහා ලියාපදිංචිය වීම හා අරමුදල් ඉල්ලීම
සමාජ ආරක්ෂක අරමුදල සදාහා ලියාපදිංචිය වීමේ අයදුම්පත් පහතින් භාගත කල හැක.
සමාජ ආරක්ෂණ හිමිකම් ඉල්ලනු ලබන කාරණය අනුව පහත ලියවිලිද අවශ්‍ය වේ.
උපතක් නම්උප්පැන්න සහතිකය, ගර්භ සටහන් පත හා වර්ධක කාඩ්පත ඉදිරිපත් කළ යුතුය.
විවාහයක් නම්විවාහ සහතිකයේ සහතික කළ පිටපතක් හා විවාහ වු අයගේ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් ඇමිණිය යුතුය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට නම්වෛද්ය වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
පවුලේ සාමාජිකයෙකුනම් ඥාතීත්වය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය.
මරණයක් නම්මරණ සහතිකයේ සහතික කළ පිටපතක්.
පවුලේ සාමාජිකයෙකුනම් ඥාතීත්වය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය.
අදාළ සිදුවීම සිදුවී දින 14 පෙර අයදුම්පත පුරවා වසමේ සමෘද්ධි නිලධාරියා වෙත භාර දීම අනිවාර්ය වේ
අයදුම්පත පහතින් භාගත කරගත හැක
අදාල ලියවිලි සමඟ සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත බාර දෙන්න
අනිවාර්ය ඉතිරිකිරිම් මුදල් ඉල්ලීම
අනිවාර්ය ඉතිරිකිරීම් ගෙවීම සමෘද්ධි බැංකුව මඟින් හෝ ලංකා බැංකුව මඟින් සිදු කරයි.
අනිවාර්ය ඉතිරිකිරීම් ලබා දෙන අවස්ථා
අවුරුදු 70 සම්පූර්ණ වූ විට.
දරුවන්ගේ උසස් අධ්‍යාපනයට.
දරුණු රෝගාබාධ.( වකුගඩු,පිළිකා,හෘද සැත්කම් ආදී )
අවශ්‍ය ලිපිලේඛන
අයඳුම්පත්‍රය ප්‍රතිලාභියා විසින් සම්පූර්ණ කළ යුතුය.
අයඳුම්පත බාගත කර ගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න.
අවුරුදු 70 සම්පූර්ණ වූ අවස්ථාවක නම්
අයඳුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ හා වැඩිහිටි හැඳුනුම්පතේ සහතික කළ පිටපත්.
පාස් පොතේ හෝ හැඳුනුම්පතේ නම් වල වෙනසක් ඇත්නම්, දිවුරුම් ප්‍රකාශයක්.
උසස් අධ්‍යාපනයකට ගෙවීමේදී නම්
තෝරාගත් විශ්ව විද්‍යාලයෙන් තෝරා ගත් බවට එවන ලද ලිපියේ පිටපතක් (බැංකු කළමනාකරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරී සහතික කළ)
දරුවාගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්.
දෙමව්පියන්ගේ හැඳුනුම්පත් වල පිටපත්.
දරුණු රෝගාබාධ ඇතිවූ අවස්ථාවක නම්
වෛද්‍යවරයා විසින් ලබා දෙන වෛද්‍ය වාර්තාව.
සමෘද්ධි සංවර්ධන නිලධාරී හා බැංකු කළමනාකරු රෝග තත්වය පිළිබඳව නිර්දේශ කරන ලද ලිපිය.*ප්‍රතිලාභියාට,බිරිඳ හෝ අවිවාහක දරුවන්ට ප්‍රතිලාභ ලබා ගත හැක.
සම්පූර්ණ කරන ලද අයඳුම්පත සමඟ අදාල ලියවිලි වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත බාරදීමට කටයුතු කරන්න.
නිවාස ලොතරැයි ජයග්‍රහයකයින් ලබා දිය යුතු අයදුම්පත හා අදාල කරුණු
අදාල අයදුම්පත පහතින් භාගත කල හැක.
විශේෂ කරුණු පහතින් දැක්වේ.ජයග්‍රාහී ප්‍රතිලාභියා හඳුනාගැනීමේදී හා සමීක්ෂණ පත්‍රිකා පිරවීමේදී පහත කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.
• සෑම ජයග්‍රාහකයෙකුම අදාළ ජයග්‍රාහී කාලපරිච්ඡේදය සඳහා සමෘද්ධි ප්‍රතිලාභියෙකු ලෙස වලංගු සහනාධාර පත්‍රයට හිමිකම් කිවයුතු අතර නිවාස ලොතරැයි භාරකාර අරමුදලට දායක මුදල් ගෙවා තිබිය යුතුය.
• ප්‍රතිලාභි දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ දී සිදුවන දෝෂයක් මත අදාළ දිනුම් අදින කාලපරිච්ඡේදයට සහනාධාර නොලැබූ අයෙකුට ජයග්‍රහණයක් හිමිවුවහොත් ඔහුට හෝ ඇයට කාලත්‍රයාට හෝ වෙනත් යැපෙන්නේකුට කිසිදු අයුරකින් හිමිකම් කීමට නොහැකිය.
• දිනුම් අදිනු ලබන අවස්ථාව වනවිට හෝ ත්‍යාග මුදල් පිරිනමන අවස්ථාව වනවිට දිනුම්ලාභියා මියගොස් ඇත්නම් එම ත්‍යාගය ලබාගැනීම සඳහා ඉදිරිපත්වන හිමිකම්පාන්නා විසින් මියගිය අයට (දිනුම්ලාභියාට) ඇති ඥතිත්වය තහවුරු කිරීමට අදාල නිත්‍යානුකූල ලේඛන ඉදිරිපත් කළ යුතුය. (මරණ සහතිකය/උප්පැන්න සහතිකය/විවාහ සහතිකය/ග්‍රාම නිලධාරී වාර්තා වැනි) එසේම මෙවැනි අවස්ථාවක ජයග්‍රාහි ප්‍රතිලාභියාගේ නීත්‍යානුකූල කාලත්‍රයා ද ජීවතුන් අතර නොසිටිනම් ඒ සඳහා හිමිකම් කිවහැකි වන්නේ ප්‍රතිලාභී පවුලේ අවිවාහක දරුවන්ට පමණි.
• තනි පුද්ගල සහනාධාරලාභියෙකුට ජයග්‍රාහී ප්‍රතිලාභියෙකු ලෙස ජයග්‍රහණය කළ ද ත්‍යාග අරමුදල පිරිනමනු ලබන අවස්ථාව වන විට ඔහු හෝ ඇය මියගොස් සිටී නම් එකී ත්‍යාග මුදල සඳහා කිසිවෙකුට හිමිකම් සඳහා ඉදිරිපත් විය නොහැක.
• ලොතරැයි නාමලේඛනයට අනුව ජයග්‍රාහී ප්‍රතිලාභියාගේ නම, ලිපිනය හෝ හැදුනුම්පත් අංකයෙහි යම් වෙනසක් සිදුවී ඇත්නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම අදාළ කාරණය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
• සමීක්ෂණ පත්‍රිකාව සම්පූර්ණ කිරීමේදී සැමවිටම සමෘද්ධි බැංකු සංගමයේ නම හා ගිණුම් අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය.
• සමීක්ෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී සමෘද්ධි සංවර්ධන නිලදාරී, සමෘද්ධි කළමනාකරු, ප්‍රාදේශීය ලේකම් යන අයගේ අත්සන සහ නිල මුද්‍රාව (පැහැදිලිව) තිබීම අනිවාර්ය වේ.
• අසම්පූර්ණ පත්‍රිකා කිරීමෙන් වැළකීම මූලස්ථාන කළමනාකරුගේ වගකීම් මම සලකන්න.
සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු
සමෘද්ධි සහනාධාරලාභී පවුල්වල අ.පො.ස (උ.පෙ) හැදෑරීම සඳහා සුදුසුකම් ලබා පාසල් අධ්‍යාපන කටයුතු වල නිරතවන සියලුම දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
1. සමෘද්ධි සහනාධාරලාභි පවුලක් විය යුතුය.
2. අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිට අ.පො.ස (උ.පෙ) හැදෑරීමට සුදුසුකම් ලබා පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත ශිෂ්‍යයකු/ශිෂ්‍යයාවක වීම.
විදුහල්පතිවරයාගේ සහතිකය ලබාගත යුතුය.
3. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.
මෙහිදී ලැබෙන මාසික දීමනාව රුපියල් 1500.00/= ක් වන අතර එය ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක අ.පො.ස (උ.පෙ) හදාරන වසර දෙක සඳහා ලබා දෙනු ලැබේ.
අහෝසි වෙන අවස්ථා
1. ශිෂ්‍යත්වලාභියා පාසල් අධ්‍යාපනය හැර යාම.
2. ශිෂ්‍යත්වලාභියා පාසලට පැමිණීම, හැසිරීම හා ඉගෙනීම් කටයුතු අසතුටුදායක අවස්ථාවන් වලදී.
3. ශිෂ්‍යත්වලාභියා විවාහ වූ අවස්ථාවකදී.
4. ශිෂ්‍යත්වලාභියා මියයාමකදි.
5. සමෘද්ධි සහනාධාරය අහිමිවීම.
අදාල අයදුම්පත පහත දිගුවෙන් ලබාගත හැක.සමෘද්ධි නිලධාරීන්ගේ දුරකථන නාමාවලිය
සමෘද්ධි ප්‍රජාමූල බැංකු දුරකථන නාමාවලිය
බෝමිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකුව - 011 2537178
මාලබේ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව - 011 2413357
අතුරුගිරිය සමෘද්ධි ප්‍රජාමූල බැංකුව - 011 2762366
බත්තරමුල්ල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව - 011 2865501
වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරී දුරකථන නාමාවලිය පහතින් භාගත කරගත හැක.- Programs of De-Centralized Budget
[PDF - 0.0 KB] - Programs of Provincial Councils
[PDF - 0.0 KB] - Programs of the Line Ministry
[PDF - 0.0 KB] - Special Programs of the Government
[PDF - 0.0 KB] - Preparation of Consolidated Development Plan
[PDF - 0.0 KB] - Preparation of Resource Profile of the Area
[PDF - 0.0 KB]
දීමනාපත්‍ර කොන්දේසි ලිහිල් කිරීම
අවශ්‍ය ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
ග්‍රාම නිලධාරි වාර්තාව
සහතික කරන ලද ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
දීමනා පත්‍රයේ මුල් පිටපත
සම්පූර්ණ පත්ඉරුමුල් උරුමය ලබා දිම
අවශ්‍ය ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
ග්‍රාම නිලධාරි වාර්තාව
දීමනා පත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපත
පත් ඉරුවේ සහතික කරන ලද ඡායා පිටපත
දීමනාපත්‍ර කරුගේ මරණ සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපත
කලත්‍රයාගේ මරණ සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපත
මුල් උරුමය ඉල්ලුම් කරුගේ ඥාතීත්වය සනාථ කිරීමට අදාල ලිපි ලේඛන ( උප්පැන්න සහතිකය ..)
උපලේඛනයට අනුව ඉල්ලුම් කරන්නේ ඊලඟ පැවරුම්කරු බවට දිවුරුම් ප්‍රකාශයක් සහ දීමනාපත්‍ර ලාභියාගේ අනෙකුත් දරුවන් අතර වැඩිමහල් ම දරුවා ඉල්ලුම්කරු බවට කාර්යාල ප්‍රකාශය හා දිවුරුම් ප්‍රකාශ එම අයගේ උප්පැන්න සහතික ජාතික හැදුනුම්පත් පිටපත්ජීවිත භුක්තිය ලබා දීම
අවශ්‍ය ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
දීමනාපත්‍ර කරුගේ මරණ සහතිකය
විවාහ සහතිකය
සහතික කළ දීමනාපත්‍ර පිටපත
නව පත්ඉරුව
ග්‍රාම නිලධාරි වාර්තාවපසු උරුමය නම් කිරීම
අවශ්‍ය ලියකියවිලි
ඉල්ලීම් ලිපිය
ග්‍රාම නිලධාරි වාර්තාව ( ආකෘති පත්‍රය )
නියමිත පරිදි සම්පුර්ණ කරන ලද 155 ආකෘතිපත්‍ර 3 ක්
නව පත්ඉරුව
ජාතික හැදුනුම්පත් පිටපත්
අනුප්‍රාප්තික ඉල්ලුම්කරුගේ කරුවන්ගේ ඥාතීත්වය සනාථ කිරීමට අදාල සහතික කළ ලිපි ලේඛන ( උප්පැන්න සහතිකය , විවාහ සහතිකය )
දීමනාපත්‍ර පිටපතරජයේ දීමනාපත්‍ර සහිත ඔප්පු බැංකු සුරකුම් ලෙස තබා ණය ලබාගැනීමට අවසර දීම
අවශ්‍ය ලියකියවිලි
ඉල්ලීම් ලිපිය ( ආකෘතියට අනුව -අදාළ ආකෘති පත්‍රය කාර්යාලය වෙත පැමිණ ලබා ගත හැක)
ග්‍රාම නිලධාරි වාර්තාව
දීමනාපත්‍ර ලාභියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්
දීමනාපත්‍රයේ ඡායා පිටපත
මෑතකදී ලබා ගත් පත් ඉරුව
බැංකු ආයතනය සමඟ ගනුදෙනුවක් සිදුවන බවට හා ණය මුදල් ලබා දීමට අදාල බැංකුව මඟින් ප්‍රාදේශීය ලේකම් ගෙන් අවසර ඉල්ලු ලිපියරජයට ඉඩම් අත්කර ගැනීම
01. 2 වගන්තියෙ දැන්වීම සම්බන්ධව සාධාරණ විරෝධතා පවතී නම් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
02. 4 වන වගන්තිය යටතේ විරෝධතා ඉදිරිපත් කිරීම දැන්වීමේ සඳහන් දිනයට පෙර අදාළ ඉල්ලුම්කාර අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිත විරෝධතාව ඉදිරිපත් කළ යුතුය.
03. 9 වන වගන්තිය යටතේ හිමිකම් පරීක්ෂණ සඳහා අවශ්‍ය ලියකියවිලි,
1. ජාතික හැඳුනුම්පත
2. දිවුරුම් ප්‍රකාශය
3. ඉඩමට අදාළ ඔප්පු හා පිඹුරුපත් (PLAN)
4. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් ඉඩමට අදාළ පත්ඉරුවල මුල් පිටපත
5. හිමිකම් වාර්තාව හා පෙළපත් සටහන (නීතිඥවරයෙකුගෙන් ලබා ගත යුතුය- මුල් පිටපත පමණි)
6. ජීවිත භුක්තිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්
7. වන්දි ඉල්ලීමේ ලිපිය-අහිමි වන ඉඩම්, දේපල හා ඒ මත සිදුවන අපහසුතා සම්බන්ධව
8. හිමිකරු වෙනුවට නියෝජිතයකු සහභාගී වන විට බලය පැවරීමේ ලිපිය
9. ඇටෝර්නි බලකරුවෙකු ඉදිරිපත් වන විට ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රය
10. බැංකු ණය සම්බන්ධ උකස්කර පවත්නා විට වන්දි ගෙවීම පිළිබඳ බැංකුවේ එකඟතා ලිපිය
11. බදුකරුවන් සිටින විට බදු ඔප්පු හා බදුකරුවන් පිළිබඳ විස්තර
12. ආදායම් අහිමි වීමට අදාළව ආදායම් බදු ගෙවීමේ ලේඛන
13. නඩු කටයුතු පවතින ඉඩම් වලට අදාළ පැමිණිල්ලේ පිටපත හා නඩුව අවසන් නම් නඩු තීන්දුව
14. කුඹුරු ඉඩම් සම්බන්ධව අඳ ගොවියන් පිළිබඳ ලේඛනය(ගොවිජන සේවා කාර්යාලයෙන් ලබා ගත යුතුය)
15. ගොඩ කරන ලද ඉඩමක් නම් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගේ සහතිකය
(ඉහත ලේඛන අංක 4 හා 5 හැර පිටපත් 02 ක් සහිතව ඉදිරිපත් කළ යුතුය)
04. වවුචර්පත් අත්සන් කිරීමට අවශ්‍ය ලියකියවිලි
1. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් 02ක්
2. බැංකු ගිණුමේ ඡායා පිටපත් 02ක්
News & Events
02
Oct2023
Voccational Motor Engineering Cources
Voccational Motor Engineering Cources Venue : Motor...
Other Divisional Secretariat Divisions
Kaduwela Divisional Map
Reach Us
Colombo Divisional Secretariat
Colmbo,
Sri Lanka.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk












